දේව අම්මා
නව ගිවිසුමේ මරිය තුමිය ජේසුස් වහන්සේගේ මව බව නොකඩවාම ප්‍රකාශ කරයි. මරිය දහමේ පදනම වන්නේද මරිය තුමිය සහ ජේසුස් වහන්සේ අතර ඇති මේ සම්බන්ධතාවය වන්නේය. ජේසුස් වහන්සේගෙන් තොරවූ හුදකලා මරිය දහමක් ගැන අපට කතා කළ නොහැකිය.
කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන් සිය පුත්‍රයාණන් එවා වදාල සේක. (ගලාති 4.4) යනුවෙන් පාවුළු තුමාගේ ලිපි වලින් තහවුරු කරන්නේ ද මරියාවන්ගේ දේව මාතෘ භාවයම වන්නේය. මරිය තුමියව ජේසුගේ මව වන්ට දෙවියන් වහන්සේ ඇයව තෝරා ගැනීම පමණක් නොව ඇයද විශ්වාසයෙන් හා ඇගේ නිදහස් කැමැත්තෙන් එම කැඳවීම පිළිගත් බව ලූක් තුමා පවසයි. (ලූක්1: 34-38) “මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති.” (ලූක් 8.20-21) යනුවෙන් ලූක් තුමා එම අදහස තවදුරටත් තහවුරු කරයි.
“මරිය තුමිය දරුවාව කුසයට පිළිගන්නට පෙර ඇදහිල්ලෙන් යුතුව ඇගේ මනසේ පිළිසිඳගත් බව” ප්‍රකාශ කරමින් ශුද්ධවු අගුස්තීනු තුමා ද තහවුරු කරන්නේ එයමය. ජේසු සිමිඳුන් සමඟ ආරම්භයේ සිටම නොබිඳුණ ගැඹුරු සම්බන්ධතාවය තිබු එකම තැනත්තිය මරියාවන් බව මේ නත්තල් වෘත්තාන්ය අපට කියා පායි. ජේසු පුතා හැදී වැඩී ලොකු මහත් වූයේ, මරියාවන්ගේ මස්, ලේ කිරි, ආදරය, කැපවීම, උණුසුම තුළය. ඇය ජේසු පුතා බිහි කළා පමණක් නොව ඒ දරුවා වෙනුවෙන් ඇගේ මුලු ජීවිතයම වෙනස් කර ගත්තාය.
මරිය තුමියට දේව අම්මා යන තනතුර දිය හැකිද? යන ප්රශ්නය ඉතිහාසයේ විටින් විට පැන නැඟී ඇත. මේ ප්‍රශ්නයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුල්කරගෙන බයිබලය විසින්ම පිළිතුරු සපයා ඇත. නව ගිවිසුමේ ගලාති 4/4, ජුවාම් 3/16, ජුවාම් 1/14, හෙබ්‍රෙව් 1/1 පාඨයන් කියවන විටදී ඉතා පැහැදිලිව පෙනීයන්නේ මරියාවන්ගෙන් උපන් ජේසු කුමරා දේව පුත්‍රයා බවය. දෙවියන් මනුෂ්‍යයන් අතර ජීවත් වන්නට පැමණි බවය. “එම්මානුවෙල්” යනු එහා අදහස වේ. එලෙස මරියාවන් මව වූයේ
දේව පුත්‍රයාටය. එනිසා ඇයට “දේව මෑණියන්” යනුවෙන් කීම නිවැරදිය. එම සත්‍යයතාව “මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් ” යනුවෙන් එළිසබෙත් තුමියගේ මුඛයෙන් ප්‍රකාශ කරවමින් ලූක් තුමා ඉතා හොඳින් තහවුරු කර ඇත. (ලූක් 1/43)
දේව පුත්‍රයාටය. එනිසා ඇයට “දේව මෑණියන්” යනුවෙන් කීම නිවැරදිය. එම සත්‍යයතාව “මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් ” යනුවෙන් එළිසබෙත් තුමියගේ මුඛයෙන් ප්‍රකාශ කරවමින් ලූක් තුමා ඉතා හොඳින් තහවුරු කර ඇත. (ලූක් 1/43)
මරිය තුමියට “දේව මෑණියන් ” යන විරුදාවලිය පිරිනැමීමෙන් අදහස් කරන්නේ ඇය ග්‍රීක දේව කතාවල එන “දේවතාවියක් ” තත්වයට පත්වීමක් නොවන්නේය. මාංශගත වීමේ අභිරහස තුළ දේව පුත්‍රයා මිනිස් බව ගැනීමේ දී ස්ත්‍රියක ලෙස දුන් දායකත්වය අනුව “දේව මව ” වීමේ අභිරහස වේ.
No comments:
Post a Comment